ණයට අරන් කෑවා, රට කාබාසිනියා කළා – වෑගපිටිය ආන්ඩුව ගැන කියයි
වර්තමාන ආණ්ඩුව අනුගමනය කරමින් තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳව ලාෆ් ව්‍යාපාර සමූහයේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය ද බරපතළ ප්‍රහාර එල්ල කරමින් සිටී.
අද (16) ලංකාදීප පුවත්පතට එම පුවත්පතේ මාධ්‍යවේදී ගුණසිංහ හේරත් සමඟ කළ සාකච්ඡාවකදී විවේචනාත්මක කරුණු රැසක් ඉදිරිපත් කර තිබේ. පසුගිය 74 වසර පුරාම බලය දැරූ ආණ්ඩු මෙරට ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකළ බවත් වත්මන් පාලකයන් ද ඒ ආකාරයෙන් ම ක්‍රියාත්මක කරන බවත් ඔහු දක්වා තිබේ.
එහිදී ඔහු දැක්වූ අදහස් අනුව “ණය අරන් කෑවා; කාබාසිනියා කළා. වෙන කළේ කුමක්ද?” යනුවෙන් අදාළ සංවාදයට සිරස්තළය යොදා තිබේ. ඉන් උපුටා ගත් කොටසක් පහත දැක්වේ.
“අවුරුදු හයෙන් හයට හෝ පහෙන් පහට බලයට පැමිණි කිසිවකුට මෙබඳු සැලසුම් තිබුණේම නැත. වර්තමාන පාලකයන්ගේ ප්‍රතිපත්තිය සෞභාග්‍යයේ දැක්මලු. සෞභාග්‍යයේ දැක්ම නොකියා සෞභාග්‍යයේ ඉලක්කය කියා තිබුණා නම් නිවැරැදිය. රනිල්-මෛත්‍රී ආණ්ඩුවේ ප්‍රතිපත්තිය යහපාලන බව කීහ. ඊට පෙර සිටි අයගේ ප්‍රතිපත්තිය ලංකාව ආසියාවේ ආශ්චර්යයක් බවට පත් කිරීම බවට තෙපරබෑහ.
ඒ විදියට නිදහසින් පසු ගෙවුණු වසර 74 දීම ආණ්ඩු බලය ලබාගත් සෑම දේශපාලන පක්ෂයක්ම ප්‍රතිපත්ති ප්‍රකාශන එළිදැක්වූවා මිස උපාය මාර්ගික ජාතික ආර්ථික සංවර්ධන සැලැස්මක් ඉදිරිපත් කළේ නැත. ලංකාවේ ආණ්ඩු මාරු වුණේ ඒ ඒ දේශපාලන පක්ෂ රට හමුවේ තැබූ ප්‍රතිපත්ති ප්‍රකාශන මත නොව මැතිවරණය පවත්වන අවස්ථාව වන විට බලයේ සිටින දේශපාලකයන්ගේ පිරිහීම මතය. මැතිවරණවලදී ජනතාව තීන්දු ගන්නේ හැඟීම් හා ආවේග මත පමණකි. කතිරය ගැසීමට පෙර තුලනාත්මක විග්‍රහයක නොයෙදෙයි.”
Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

