විදුලි කප්පාදුවේ වෙනසක් – ජනක රත්නායක
අධ්‍යාපන අමාත්‍යංශය කළ ඉල්ලීමකට අනුව හෙට සිට උදේ 7 සිට දහවල් 12 දක්වා විදුලි කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.
තවද දහවල් 12 සිට රාත්‍රී 10.30 දක්වා පැය 2යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට අනුමැතිය ලබා දුන් බව ඒ මහතා වැඩිදුරටත් පවසනවා.
ඉදිරි සති 2ක කාලය තුළ පාසල් වසා දැමීමට ගත් තීරණය මත මෙම තීරණයට එළඹුනු බව රත්නායක මහතා පවසනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

