Latestදේශීය

ගෞරවාන්විත ලෙස ඉල්ලා අස්වෙන්න දීපු කාලය ඉවරයි – වසන්ත මුදලිගේ

අද(20) දහවල් 1.00ට  දැවැන්ත විරෝධතා පාගමනක් සංවිධානය කරන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පවසනවා. මෙම විරෝධතා පා ගමන කොළඹ ලිප්ටන් වට රවුමෙන් ආරම්භ වන බවත් ඒ හරහා ගෝඨා/රනිල් ආන්ඩුව පන්නා දැමීමට නව ජවයකින් සටන තීව්‍ර කරන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ මහතා පවසනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වසන්ත මුදලිගේ මහතා,

රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන්න කිවුවේ මේ රටේ ප්‍රශ්ණ වලට උත්තර එයා ලග නැති බව හොදටම තේරුම් ගත්ත නිසා. නමුත් අසමත් නායකයෙක් ලෙස තමන්ට ගෙදර යන්න බැහැ කියන ගෝඨාභය රාජපක්ෂට සමත් වෙන්න තවත් කී‌ දෙනෙක් පෝලිම් වල මැරිලා වැටෙන්න ඕනිද ?

රනිල් වික්‍රමසිංහ ඇලඩින්ගේ පුදුම පහන අරගෙන ඇවිත් ප්‍රශ්ණ විසදනවා කිවුවා. කෝ ප්‍රශ්ණ විසදුවාද?

දැන් ධම්මික පෙරේරාව ගෙනල්ලා ප්‍රශ්ණ වලට විසදුම් ගේන්න කියලා. කැසිනෝ ධම්මික, බදු වංචා කරපු ධම්ම්ක කොහොමද රටේ ප්‍රශ්ණ වලට විසදුම් ගේන්නේ.

ගෝඨාභයට සහ රනිල්ට ගෞරවාන්විතව ඉල්ලා අස්වෙන්න දීපු කාලය ඉවරයි. දැන් අපි පන්නනවා.

අපි ජනතාවගෙන් ඉල්ලනවා, ගෙදර කළු කොඩියක් එල්ලන්න. ගෙදරින් එලියට ඇවිත් තෙල් පෝලිමක ඉන්න කොට කළු කොඩියක්, විරෝධතා පුවරුවක් ප්‍රදර්ශනය කරන්න. ගමේ නගරයේ වැඩබිමේ ඔබගේ විරෝධතාවය ප්‍රකාශ කරන්න.

අපි අනිවාර්යයෙන්ම මේ අසාර්ථක ගෝඨා රනිල් ආන්ඩුව එලවනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *