Latestදේශීය

පාස්කු ප්‍රහාරයට මාස 38යි – සියලු චූදිතයෝ එක අත්තක

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට බන්ඩනාගාර ගත කර සිටින සැකකරුවන් පිළිබඳ පූර්ව නඩු විභාගය අගෝස්තු 04 වෙනිදා සිට ආරම්භ කිරීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් නම් හෙළිවී තිබෙන ආන්දෝලනාත්මක බලධාරීන් සහ නිලධාරීන් සියලු දෙනා මේ වනවිට එකට එක්වී සිටිති.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ එවකට සිටි අගමැති රනිල් වික්‍රමසිංහ යන තිදෙනාම මේ වෙනවිට ආණ්ඩුවේ කොටස්කරුවන් වී සිටින අතර විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ඉලක්ක කර ගෙන චෝදනා එල්ල කළ මනූෂ නානයක්කාර සහ හරීන් ප්‍රනාන්දු ද මේ වෙනවිට කැබිනට් ඇමතිවරුන් වී සිටිති.

මේ සම්බන්ධයෙන් නඩු විභාග කෙරෙන ත්‍රිපුද්ගල මහාධිකරණය අගෝස්තු 04 වෙනි දින පූර්ව නඩු විභාගයේ කටයුතු ආරම්භ කරන බව දැනුම්දී ඇත. එහෙත් මුලින් සිදුකළ පරීක්ෂණ සියල්ල තුළින් ප්‍රධාන චූදිතයෙකු වී සිටින හිටපු රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මේ වනවිට පොලිසියේ උසස්වීමක් ලබා සිටී. මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින තවත් නිලධාරීන් රැසක් සියලු වරප්‍රසාද සහිතව රාජකාරියේ යෙදී සිටිති.

Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *