Latestදේශීය

තෙල් නැව ප්‍රමාදයි – කාන්චන විජේසේකර

අද (23) උදෑසන දිවයිනට ළඟා වීමට නියමිතව තිබු ඔක්ටේන් 92 පෙට්‍රල් රැගත් නෞකාව දිනකින් පමණ පැමිණීම ප්‍රමාද වන බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර පවසයි.

ඔහු ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අද උදෑසන පැමිණීමට නියමිත ඔක්ටේන් 92 මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් ඉන්ධන භාණ්ඩ ප්‍රවාහනය නැව දිනකින් ප්‍රමාද වී ඇති බවය. අද සහ හෙට දිවයින පුරා බෙදා හැරීමට සීමිත පෙට්‍රල් ප්‍රමාණයක් ඇති බවත්.

ඔටෝ ඩීසල් දිවයින පුරා පූර්ණ ධාරිතාවයෙන් බෙදා හැරෙන බවත්. සුපර් ඩීසල් බෙදාහරින්නේ සීමිත ප්‍රමාණයක් පණක් බවත් ඔහු එහි සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *