රාජපක්ෂවරුන්ගේ ඩොලර් බිලියන ගණනක වත්කම් ගැන ඇමරිකානු බැංකුවක් හෙලිදරව් කරයි
රාජපක්ෂවරුන්ගේ අයථා මූළ්‍ය වත්කම් ඩොලර් බිලියන ගණනක් ඩුබායි රාජ්‍යයේ, සීෂෙල්ස් රාජ්‍යයේ මෙන්ම සාන්ත මාර්ටින්ස් වැනි ලිහිල් මූළ්‍ය නීති ඇති දූපත්වල සගවා ඇති බව ඇමෙරිකාවේ හැමිල්ටන් රිසර්වු බැංකුව චෝදනා කරනවා.
එම බැංකුව විසින් ඇමරිකාවේ අධිකරණයේ පවරා ඇති නඩුවේ මෙම කරුණු දක්වා ඇති අතර තම බැංකුවට ගෙවිය යුතු ණය නොගෙවීම සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලේ සාමාජිකයින් මෙන්ම ඉහළ පෙලේ නිළධාරින් වගකිව යුතු බව දන්වා තිබෙනවා.
බැසිල් රාජපක්ෂ මහතාට “Mr. 10%” යන අන්වර්ථ නාමය ලැබුණේද සෑම ව්‍යාපාරිකයින් ම සියයට දහයක් ඉල්ලා සිටීම තුළ බවයි එම බැංකුව පෙන්වා දෙන්නේ.
මෙම කරුණු මෙරටට අනාවරණය කිරීම සදහා සිරස මාධ්‍ය ආයතනය කටයුතු කර තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

