පෞද්ගලික වාහන වලට ඉන්ධන දෙන්නේ නැහැ
අද දිනයේ සිට ලබන මස 10 වැනි දින දක්වා පෞද්ගලික වාහන වලට ඉන්ධන ලබා දීම නතර කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව එම කාලය තුළ ඉන්ධන නිකුත් කරනු ලබන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණි.
කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ පෞද්ගලික වාහන සඳහා මෙම කාලය තුල ඉන්ධන නිකුත් නොකරන බවයි.
අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන නිකුත් කිරීම සිදු කරන්නේ ලංගම ඩිපෝ සහ ත්‍රිවිධ හමුදා ඉන්ධන පිරවුම්හල වලින් බවත් ඔහු පැවසීය.
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

