Latestදේශීය

රෝහල් රැසක් වසා දමලා

රට පුරා ග්‍රාමීය රෝහල් සහ මූලික රෝහල් ද වතු ඩිස්පෙන්සරි විශාල සංඛ්‍යාවක් මේ වනවිට වසා දමා ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඇතැම් රෝහල්වල වෛද්‍යවරුන්ට ඉන්ධන හිඟයෙන් පැමිණිය නොහැකි නිසා වැසී ගොස් ඇති අතර තවත් රෝහල් විශාල සංඛ්‍යාවක් ඖෂධ නොමැති නිසා සේවා අඩපන වී පවතින බව හෙළිවී තිබේ. අද (27) පළකර තිබෙන ප්‍රවෘත්ති පත්‍රවලට අනුව අපේක්ෂා රෝහල පවා පවත්වාගෙන යාමේ දැඩි දුෂ්කරතා මතුවී තිබේ.

ඊට අමතරව හෙම්මාතගම, කටුපොත, පොල්පිතිගම සහ සියඹලාණ්ඩුව යන රෝහල් තාවකාලිකව වසා දමා ඇති බව හෙළිකර ඇත. පවත්වාගෙන යන රෝහල්වල රෝගීන්ට අත්‍යාවශ්‍යම ඖෂධ නොමැතිවීමෙන් නේවාසික රෝගීන් ඇතුලත් කර ගැනීම් නවත්වා දමා තිබේ.

මෙම තත්වය හමුවේ ආණ්ඩුව මැදිහත්වී ලබාදිය යුතු අවම විසඳුම් හෝ ලබාදීම කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යංශය මේ වනවිටත් අවධානය යොමුකර නැත. ඇතැම් සෞඛ්‍ය නිලධාරීන් සහ ඇමතිවරුන් ඖෂධ හිඟයක් නොමැති බවට ද ප්‍රකාශ කරමින් සිටිති. එහෙත් ස්වසන රෝග සඳහා ලබාදිය යුතු ඖෂධ නොමැතිවීමෙන් ප්‍රාදේශීය රෝහල්වල රෝගීන් මියගිය අවස්ථා මෙන්ම සර්ප විෂෙන් මියගිය අවස්ථා ද රැසක් වාර්තා වී තිබේ.

Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *