Latestදේශීය

ආන්ඩුව පෙරලන නාමල්ගේ අළුත්ම සැලැස්ම

පවතින ආණ්ඩුව පෙරලා දමා නව ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් කරන ලද යෝජනාවක් ආණ්ඩුවෙන් ඉවත් වූ හවුල්කාර පක්ෂ විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා හරහා මෙම යෝජනාව එම පක්ෂ වෙත ඉදිරිපත් කර ඇත.

එහිදී පක්ෂ නායකයන් විසින් එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති අතර පවතින අර්බුදයට රාජපක්ෂලාද වග කිය යුතු බැවින් ඔවුන් සමග තවදුරටත් ආණ්ඩු කළ නොහැකි බව පක්ෂ නවයේ අදහස වී ඇත.

එමෙන්ම නාමල් රාජපක්ෂ මහතා සමඟ මේ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් නොකිරීමට ද පක්ෂ නායකයන් තීරණය කර තිබේ.

Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *