Latestදේශීය

ගෝඨාභය ඉවත් විය යුතුයි -‌ ‌මෛත්‍රීපාල සිරිසේන

යහපාලන රජය පරාජය කිරීම සදහා පොහොට්ටුවේ මැතිවරණ ව්‍යාපාරය මූළික කොට ගත්තේ,  මැතිවරණයේ ප්‍රධාන සටන්පාඨය වුනේ ජාතික ආරක්ෂාව වුවත් වත්මන් ජනාධිපතිවරයා යටතේ ජාතික ආරක්ෂාවට අද අත්ව ඇති ඉරණම කුමක්දැයි හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රශ්ණ කරනවා.

ජනාධිපති නිවාසය, අරලියගහ මන්දීරය, ජනාධිති ලේකම් කාර්යාලය ආරක්ෂාකරගන්න බැරි ඒවාට පහර දීමට පැමිණි පිරිස පාලනය කරගන්න බැරි වත්මන් ජනාධිපතිවරයාගේ ජාතික ආරක්ෂාව විහිලුවක් බවට පත්ව ඇති බව සිරිසේන මහතා වැඩිදුරටත් පවසනවා.

සාමකාමී ගෝල්ෆේස් අරගලයට පහර දීමට කටයුතු කළ හේතුවෙන් රටේ ස්ථාන 150ක් 200ක් පමණ ගිනිගන්නට සැලැස්වීම තුළද ආන්ඩුවේ අසමත්භාවය ප්‍රදර්ශනය වන බව පවසන සිරිසේන මහතා අද වන විට පාසල් වසා දමා ඇති බවත්, රෝහල්වලට ඖෂධ නැති බවත් ඒ තුළින් ජනතාව කබලෙන් ලිපට වැටී ඇති බවත් පවසනවා.

තම පාලන කාලයේදී පෙට්‍රල් ලීටරයක් රුපියල් 117ක් , ඩීසල් ලීටරයක් රුපියල් 95ක්, ගෑස් සිලින්ඩරයක් රුපියල් 1200ක් වූ බවත් පවසන සිරිසේන මහතා වත්මන් ආන්ඩුව අසමත් බැවින් ජනාධිපතිවරයා ඇතුළු ආන්ඩුව ඉල්ලා අස්විය යුතුයැයි අවධාරණය කරනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *