යූරියා පොහොර මිටියක් රුපියල් දහදාහකට දෙනවා – මහින්ද අමරවීර
එළඹෙන 08 වනදා ඉන්දියානු ණය ආධාර යටතේ ලැබෙන පළමු යූරියා පොහොර තොගය මෙරටට ළගා වීමට නියමිත බවත් එය ජූලි 9, 10 වනවිට ප්‍රදේශවලට බෙදා දීමට සියලු කටයුතු සූදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (4) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මෙම පළමු පොහොර තොගය මෙට්ට්‍රික් ටොන් 40,000ක් ව න අතර එය ඕමානයේ සිට මෙරටට ළඟා වීමට නියමිත බවත් මෙම යූරියා පොහොර රුපියල් 10,000ක මුදලකට ලබා දීමට සැළසුම් කර ඇති බවත් අමාත්‍යවරයා කීය.
ඉදිරි මාස තුන තුළදී අංග සම්පූර්ණ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් හඳුන්වාදීමේ වැඩපිළිවෙළ සිදු කරන බව කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය. ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම සහ කෘෂිකාර්මික අපනයන මඟින් අමතර විදේශ විනිමය ඉපයීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

