Latestදේශීය

හමුදා නිළධාරියෙක් සිවිල් වැසියකුට අමානුෂික ලෙස පහර දෙයි

ඉන්ධන පෝලිමේ සිටි තරුණයෙකුට හමුදා නිලධාරීන් පිරිසක් විසින් අමානුෂික ලෙස පහර දෙන ආකාරයේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලයේ සංසරනය වනවා.

හමුදා නිලධාරීන් දෙදෙනෙකු විසින් එම තරුණයාගේ දෑත් දෙපසට කර අල්ලාගෙන සිටියදී ඉහල හමුදා නිලධාරියෙකු විසින් පහර දෙන ආකාරය එම වීඩියෝ පටයේ දැක්වෙනවා.

මෙම සිදුවීමත් කුරුණෑගල යක්ගහපිටිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක දී සිදුව තිබීම විශේෂත්වයක්.

මෙම පහර එල්ල කරන හමුදා නිලධාරියා යුද හමුදාවේ ලුතිනන් කර්නල් වරයෙකි.

එමෙන්ම පසුගිය කාලයේ පොලිස් නිළධාරියකුට ද හමුදා නිළධාරියකු පහර දෙන සිදුවීමක් ඉන්ධන පිරවුම්හලක් අසල සිදුවී ඇති අතර ඒ සිදුවීමට අදාල වීඩියෝ පටයක්ද අන්තර්ජාලය තුළ සංසරනය වනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *