Latestදේශීය

රනිල් ඔයාට හැගීම් දැනීම් නැහැ – අනුර කුමාර දිසානායක

වර්තමානයේ රට පත්ව ඇති සමාජ, ආර්ථික, දේශපාලන අර්බුදයවලට විසඳුම් සෙවීමේදී විශ්වාසවන්ත පාලනයක් අවශ්‍ය බවත්, විශ්වාසනීත්වය කඩා වැටුනු පාලනයකින් අර්බුදයට විසඳුම් සෙවිය නොහැකි බවත් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පවසයි.

ඔහු මේ බව පැවසූවේ අගමැති රනිල් වික්‍රමසිංහ විසින් අද (05) පාර්ලිමේන්තුවේදී සිදු කළ කතාවට ප්‍රතිචාර දක්වමිනි.

තමා විසින් සිදු කළ ප්‍රකාශයක වාසි කොටස පමණක් අගමැතිවරයා උපුටා දැක්වූ බවත්, එසේ වාසි කොටස් උපුටා දැක්වීම අගමැතිවරයාගේ පුරුද්දක් බවත් ඔහු එහිදී සඳහන් කළේය.

මෙම අර්බුදයට බොහෝ දෙනා ආර්ථික සාධක මත හේතු දක්වන නමුත්, අර්බුදයේ විශාල පංගුවක් නිර්මාණය කර තිබෙන්නේ පවතින දේශපාලන සංස්කෘතිය බවද එම දේශපාලන සංකෘතිය වෙනස් නොකර ආර්ථික සාදක මත පමණක් පිහිටා මෙම අර්බුදයට විසඳුම් සෙවිය නොහැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

වංචාව, දූෂණය, නාස්තිය පිරුණු එම දේශපාලන සංස්කෘතිය හරහා ගොඩනැගුණු පාලු පාරවල්, හිස් ගොඩනැගිලි සහ විශාල කොන්ක්‍රීට් වනාන්තර මෙරට ජන ජීවිතය ඉහළ නැංවීමට කිසිඳු දායකත්වයක් දක්වා නොමැති බවද, තමාට රට බාර දෙන්නේ නම් එම දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට තමා සූදානම් බවද ඔහු අවධාරණය කළේය.

වසර 40කට වැඩි වැරදි ආර්ථික මාවතේ බිහිසුණුම පිපිරීම සිදුව ඇති මොහොතක, එය මාස හයකින් නැවත ගොඩනැගිය හැකි යැයි තමන් විශ්වාස නොකරන නමුත්, මාස හයක් තුළ ඉන්ධන, ගෑස්, ඖෂධ ලබාදීම ඇතුළු මූලික ගැටලු සඳහා විසඳුම් ලබාදීමෙන් ජනජීවිතය නැවත සාමාන්‍ය යථාවත් භාවයට පත්කිරීම තමාට කළ හැකි බවද ඔහු අවධාරණය කළේය.

මාස හයකින් රට යථා තත්වයට පත් කිරීමෙන් අනතුරුව, අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මහ මැතිවරණයකට ගොස් විශ්වාසනීය ස්ථාවර පාලනයක් ගොඩනැගිය යුතු බවද ඔහු එහිදී ප්‍රකාශ කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *