Latestදේශීය

හිරුණිකාට පොලිස් ඇප

කොටුව ජනාධිපති මන්දීරය අසල උද්ඝෝෂණයක නිරතව සිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 12 දෙනෙක්ගෙන් යුත් පිරිස අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.

ජනාධිපති මන්දීරය අසලට පැමිණි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු උද්ඝෝෂකයින් පැවසුවේ ජනාධිපතිවරයා හමුවීට අවශ්‍ය බවයි. ජනාධිපතිවරයා තමන් හමුවට පැමිණෙන්නේ නැතිනම් ජනාධිපතිවරයා හමුවීමට ජනාධිපති මන්දිරය ඇතුලට යාමට තමන්ට අවස්ථාවක් ලබා දිය යුතු බව ඔවුන් අවධාරණය කළා.

මෙම සිදුවීම අතරතුර අත්අඩංගුවට ගත් පිරිස කොළඹ වරාය පොලිස් ස්ථානයට රැගෙන ගිය අතර අනතුරුව පොලිස් ඇප ලබාදී තිබෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *