නිමල් සිරිපාල අමාත්‍යවරයා සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පවත්වන්න – ජනාධිපති
ගුවන් සේවා අමාත්‍යාංශය හා පෞද්ගලික ආයතනයක් අතර ගනුදෙනුවක් සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා නැගු චෝදනාවට වහාම පරීක්ෂණයක් පවත්වන්න … ජනපතිගෙන් නියෝගයක්.
ගුවන් සේවා අමාත්‍යාංශය පෞද්ගලික ආයතනයක් සමග සිදු කළ ගනුදෙනුවක් සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා ඊයේ (05) පාර්ලිමේන්තුවේ දී නැගු චෝදනාව සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නියෝග කරයි.
පරීක්ෂණ කටයුතු නිමවන තෙක් ජනාධිපතිතුමාගේ උපදෙස් මත වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ධුරයෙන් තාවකාලිකව ඉවත් වීමට නිමල් සිරිපාල ද සිල්වා මහතා කටයුතු කරනු ඇත.
ගාමිණී සෙනරත්
ජනාධිපති ලේකම්
ජනාධිපති මාධ්‍ය අංශය
2022-07-06
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

