ගාලු මුවදොර අරගලය ජයග්රහණයෙන් පසු දේශපාලන වෙනස්කම් රැසක්
ගාළුමුවදොර අරගලයේ තීරණාත්මක ජයග්‍රහණය අත්පත් කරගැනීමට අරගලය ආරම්භ කර දින 92ක් ගතවූ (09) දින අරගලකරුවන් සමත් වුනා. ඒ කොටුව ජනාධිපති මන්දීරය සහ අරලියගහ මන්දීරය මෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලය අරගලකරුවන් අතට පත්වීමත් සමගයි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තම ඉල්ලා අස්වීම එළඹෙන 13 වන දින සිදුකිරීමට එකග වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසු අතර එම ඉල්ලා අස්වීම සිදුවන තුරු තමන් අත්පත් කරගත් කොටුව ජනාධිපති මන්දීරය, අරලියගහ මන්දීරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය තුළ රැදී සිටීමට අරගලකරුවන් තීරණය කර තිබෙනවා.
මේ අතර අද වන විට රජයේ කැබිනට් අමාත්‍යවරුන් වන ධම්මික පෙරේරා, හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර සහ බන්දුල ගුණවර්ධන යන අය තම අමාත්‍යධූරවලින් ඉවත් වී තිබෙනවා.
තවද වැඩබලන ජනාධිපති ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පත්කරගෙන අනතුරුව 09 වන විධායක ජනාධිපති ලෙස ඩලස් අලහප්පෙරුම මහතා පත්කර ගැනීමට ස්වාධීන පක්ෂ එකමුතුවේ පක්ෂ නායක හමුවේදී තීරණය කළ බව විමල් වීරවංශ මහතා පවසනවා.