අවුරුදු 69කට පසු නාලන්දය සුලෝහිත සංග්‍රාමය ජයගනී
ඉනිම දෙකේදී ප්‍රතිවාදී ආනන්ද කණ්ඩායම පිළිවෙලින් ලකුණු 139 කට සහ 180 කට සීමාකල නාලන්දා කණ්ඩායම වසර 69 කට පසු සුලෝහිත සංග්‍රාමයේ ජයග්‍රහණයක් තමන් සතු කර ගැනීමට දෙවිදුහල් අතර ඊයේ සහ අද දින කොළඹ එස් එස් සී පිටියේදී පැවති 92 වන මහා ක්‍රිකට් තරගයේදී සමත් වුණා.
ශ්‍රී ලංකා යෞවන පිළ නියෝජනය කල රවීන් ද සිල්වා සහ විනුජ රන්පුල් ආනන්ද පිලේ බිඳ වැටුණු කඩුලු 20න් 13 කටම වගකිවූ අතර, ඔවුන් වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ චනුල් අතුකෝරළ ලකුණු 88ක් ලබාගත්තා.
පලමුව පන්දුවට පහරදීමට ආරාධනය ලැබූ නලන්දා කණ්ඩායම කඩුලු නමයකට ලකුණු 289ක් රැස්කලා. ආනන්දය ලකුණු 139 කට සහ 180 කට සීමා කළ පසු නාලන්දා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලබා ගැනීමට තිබුනේ ලකුණු 31 ක් පමණයි. එය ඔවුන් පන්දු 32 කදී එක් කඩුල්ලක් පමනක් දැවී ලබාගැනීමට සමත්වුනා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

