QR ක්‍රමයට තෙල් ගහන්න ෆෝන් නෑ – ඉන්ධන පිරවුම්හල් සංගමය
රජය විසින් ඉන්ධන නිකුත් කිරීමට යෝජිත මෘදුකාංගය ඔස්සේ ඉන්ධන බෙදාහැරීම ඉතාමත් අපහසු කාරණාවක් යැයි රට පුරා සියලුම පිරවුම්හල් හිමියන් දැනුම් දී ඇතැයි ඉන්දන පිරවුම්හල් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
එම සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා කියා සිටින්නේ ඊට අවශ්‍ය ජංගම දුරකථන නොමැති බව පිරවුම්හල් හිමියන් විසින් දන්වා ඇති බවයි.
ඊට අවශ්‍ය පහසුකම් සහිත ස්මාට් ජංගම දුරකථන මිලදී ගැනීමට දැන් වෙළඳපොලේ නැති බවත් කොළඹ නගරයේ ද ඒවා නැති බව පැවසූ ඔහු තදාසන්න ප්‍රදේශවල කෙසේවත් සොයා ගැනීමට නැතැයිද පැවසීය.
එනිසා එම පහසුකම් සහිත ජංගම දුරකථන ලබා දෙන ලෙස තෙල් සංස්ථාවෙන් ඉල්ලා සිටින බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

