Latestදේශීය

ජපන් සමාගමේ ‌අල්ලස් චෝදනාව පිළිබද නිමල් සිරිපාලට එරෙහිව පරීක්ෂණ

ජපානයේ තයිසේ සමාගමෙන් කැබිනට් අමාත්‍යවරයෙකු අල්ලසක් ඉල්ලූ බවට සමාජ මාධ්‍ය ජාලා ඇතුළු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්හි පළකර තිබූ ප්‍රවෘත්තිය පදනම් කර ගනිමින් විපක්ෂනායකවරයා
පාර්ලිමේන්තුවේ දී මතුකරන ලද කරුණ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කරන ලද ඉල්ලීම කෙරෙහි අවධානය යොමු කළ  ජනාධිපති රනිල්
වික්‍රමසිංහ  මහතා ඒ පිළිබඳ වහාම පරීක්ෂණයක් සිදු කර වාර්තා කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ.

විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ, විශ්‍රාමලත් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ නිලධාරියෙකු වූ එස්.එම්.ජී.කේ. පෙරේරා යන මහත්වරුන් පත් කර සිටී. පරීක්ෂණ වාර්තාව මෙම ජූලි 31 දිනට පෙර තමා වෙත ලබා දෙන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *