අද සිට පාසල් ඇරඹේ
2022 ජූලි 25 වන සඳුදා දින (අද සිට) රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භ වෙයි.
2022.07.19 වන දින නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයට අනුව, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කොට්ඨාස භාර නියෝජය/සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ සියලූම විදුහල්පතිවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය ම`ගින් ලබා දී ඇති උපදෙස් පරිදිම, 2022 ජූලි 25 වන සඳුදා දින රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භ වන අතර, නැවත දැනුම් දෙන තුරු සඳුදා අඟහරුවාදා සහ බ‍්‍රහස්පතින්දා පාසල් පැවැත්වීම ද බදාදා සහ සිකුරාදා දිනවල දී සිසුන්ට නිවෙස්වල සිට ඉගෙනීමේ කටයුතුවල නිරත විය හැකි ක‍්‍රියාකාරකම් ලබා දෙයි.
නැතහොත් මාර්ගගතව ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

