සර්වපාක්ෂික ආන්ඩුවක් හදන්න කලින් මර්දනය නතර කරන්න – සෝභිත හිමි
ජනාධිපතිවරයා අවංකවම සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න සුදානම් නම් අරගලයට සහය දුන් අය හා අනීතික අත්අඩංගුවට ගැනීම සහ බියවැද්දීම අරගලය මර්ධනය කිරීම වහාම නතරකල යුතු බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.
ඇඹිලිපිටියේ පැවති මාධ්‍ය හමුවකදී උන් වහන්සේ මෙම අදහස් පල කරන ලදී.
‘සාමිකාමීව පැවැති අරගලය භීෂනයක් කලේ මහින්ද. නීතියේ ආධිපත්‍ය සැමට සමාන විය යුතුයි. අරගලයට සහය පලකල පුද්ගලයන් අත්අඩංගුවට ගන්නවා. අනෙක් පාර්ශව වලට නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ. ජනාධිපති මැදුරේ තිබූ හසුවූ මුදල් ගැන කිසිම කතාවක් නැහැ’
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

