දුවිඳු එංගලන්ත යොවුන් පිලේ කඩුලු හතරක් දවාගනී
අද එංගලන්තයේ දී ආරම්භ වු ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු යොවුන් ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් සත්කාරක කණ්ඩායමේ කඩුලු හතරක් දවාගැනීමට දුවිඳු රණතුංග සමත්වුණා.
කොලඹ මහානාම විද්‍යාලයේ ක්‍රීඩකයකුවන දුවිඳුගේ මෙම දස්කම හේතුවෙන් එම කණ්ඩායම ලකුණු 387කට සීමාකිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින්ට හැකිවුණා. දුවිඳු කඩුලු හතරක් ලබාගනිත්දී, වනුජ කුමාර සහ දුලාජ් සමුදිත කඩුලු දෙක බැගින් ලබාගත්තා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

