Latestදේශීය

භූමිතෙල් මිළ ඉහළ යාම නිසා මාළු කිලෝවක් රුපියල් 5000ක් පනී?

භූමිතෙල් මිල ඉහළ නැංවීමත් සමග මාළු මිල විශාල වශයෙන් ඉහල යනු ඇති බව මාළු වෙළඳුන් කියා සිටිති.

ධීවර බෝට්ටු වැඩිවශයෙන් භාවිත භාවිතා කරන්නේ ඉන්ධන ලෙස භූමිතෙල් බැවින් ලීටරයක් රුපියල් 253 කින් පමණ ඉහළ වීමෙන් පසු එම පිරිවැයද මාළු සඳහා ද එකතු වනු ඇතැයි ඔවුන් පෙන්වා දෙති.

මාළු වර්ග වල මිල කිලෝව රුපියල් 5,000 ක සීමාව වුව ද ඉක්මවා යා හැකි බව පෑලියගොඩ මත්ස්‍ය වෙළඳුන් කියා සිටිති.

මේ අතර විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරන්නේ භූමිතෙල් මිල මිල ඉහළ දැමීම හේතුවෙන් පීඩාවට පත්වන පාර්ශ්වයන් වෙත මිල සහනයක් ලබාදීමට බලාපොරොත්තු වන බවයි.

ඒ අනුව ධීවරයන්, වතු සේවකයන් මෙන්ම භූමිතෙල් මත රැකියාව කරන්නන්ට මෙලෙස මිල සහනයක් ලබාදීමට කටයුතු කරන බවත් හෙතෙම කියා සිටී.

Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *