කූජනගේ තුන් ඉරියව් දස්කම් කොළඹ උතුර දිනවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17 පහළ අන්තර් පලාත් තරගාවලියේ කොළඹ උතුර සහ ගාල්ල කණ්ඩායම් අතර දඹුල්ලේදී අද දින පැවති තරගයේදී අර්ධ ශතකයක් සහ කඩුලු හතරක් ලබාගනිමින් දස්කම් දැක්වීමට කූජන පෙරේරා සමත්වුණා.
කඩුලු හතරක් ලබාගනිමින් ගාල්ල කණ්ඩායම ලකුණූ 194කට සීමා කල කූජන, පිළිතුරු ඉනිමේදී ලකුණු 51ක් ලබාගනිමින් සිය කණ්ඩායමට කඩුලු තුනක ජයක් ලබාදීමට සමත්වුණා. කූජන කොළඹ මහනාම විද්‍යාලය නියෝජනය කරන තුන් ඉරියව් ක්‍රීඩකයෙකි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

