Latestදේශීය

බිත්තර මිල අඩුකිරීමත් සමග කුකුළු ව්‍යාපාරිකයින් ඇමති හමුවේ

කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය සහ වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අතර හමුවක් අද(22) වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතයි.
කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය කළ ඉල්ලීමකට අනුව එම සාකච්ඡාව පැවැත්වෙන බවයි  අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
එම සංගමයේ  සභාපති අජිත් ගුණසේකර මහතා පැවසුවේ, අද(22) පැවැත්වෙන සාකච්ඡාවේදී පවතින දුෂ්කරතා පිළිබඳව අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.
පසුගිය සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සුදු බිත්තරයක් සඳහා රුපියල් 43 ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා. ඒ අනුව දුඹුරු හා රතු පැහැති කුකුළු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 45 ක් වනවා.
කෙසේ වෙතත් අද දිනයෙත් බිත්තර තොග  වෙළෙඳපොලට නිකුත් නොකරන බවයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *