කොළඹ නගරයට විදුලි බස්රථ සේවාවක්
කොළඹ නගරයේ විදුලි බස්රථ සේවාවක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයින් පිරිසක් සමග ඊයේ(22) ප්‍රවාහන අමාත්‍යාංශයේදී පැවැත්වුණා.
සමස්ත ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 3 ක මුදලක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ වෙන් කර ඇත.
විදුලියෙන් ධාවනය වන ත්‍රීරෝද රථ හා බස් රථ ධාවනයට එක් කිරීමට සහය ලබාදීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ තීරණය කර ඇති අතර, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, මෙරට තුළ ඇති ත්‍රීරෝද රථද විදුලි බලයෙන් ධාවනය කිරීමට පරිවර්තනය කිරීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කළ බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

