මෙරට දැවැන්තම වංචාව තෙල් මිළදී ගැනීමයි – තිස්ස අත්තනායක
මෙරට දැවැන්තම වංචාව තෙල් මිළදී ගැනීමේ ක්‍රියාවලිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා.
රුසියාවෙන් ඉන්ධන මිළ දී ගන්නා බව පවසමින් තත්ත්වයෙන් බාල බොරතෙල් ඩුබායි හී පිහිටි සමාගමකින් මිළදී ගනිමින් ඇති බව පවසන මන්ත්‍රීවරයා, බොරතෙල් බැරලයක් ඩොලර් 35-50 අතර මුදලකට මිළදී ගැනීමේ හැකියාව ඇති නමුත් ඩොලර් 117ක මිළකට ගැනුම් සිදුකරමින් අධික වංචාවක් සිදුකරමින් පවතින බව වැඩිදුරටත් පවසනවා.
සමගි ජන බලවේගය පක්ෂ මූලස්ථානයේ පැවති ජන හමුවකට එක් වෙමින් අත්තනායක මහතා මෙම අදහස් පල කළා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්නනායක මහතා,
“ලංකාවේ තිබෙන දැවැන්තම වංචාසහගත ක්‍රියාවලිය තෙල් මිලදී ගැනීමේ ක්‍රියාවලිය කියලා අපි කියන්න ඕනේ. රුසියාවෙන් තෙල් මිලදී ගත්තා කියලා ප්‍රසිද්ධ කරනවා. නමුල් රුසියන් සමාගමකින් කෙලින් තෙල් මිලදී ගැනීමක් නෙමේ කරලා තියෙන්නේ. සැපයීම පමණයි ඒ සමාගම් කරන්නේ. මිලදී ගෙන තිබෙන්නේ ඩුබායි හි පිහිටි කොරල් එනර්ජි නම් සමාගම හරහා. අපේ සපුගස්කන්ද පිරිපහදුව, පිරිපහදුකරන හොඳම බොර තෙල් වර්ග දෙකක් තියෙනවා. ඒ වර්ග දෙකටත් පහලින් තිබෙන යූරල් වර්ගයේ බොර තෙල් ලබා ගන්න පුළුවන් තවත් අඩු මුදලකට. ඇත්ත කතාවක්ද මම දන්නේ නෑ, දීර්ඝ කාලීන ගිවිසුමක් යටතේ රුසියන් යුරල් කියන බොරතෙල් බැරලයක් ඩොලර් 35ත් 50ත් අතර මුදලකට මිලදී ගන්න පුළුවන් කියලා. එහෙම තියෙද්දීත් 117කට මිලදී ගත්තේ කොහොමද?… කවුද මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කළේ අනුමත කළේ. ටෙන්ඩර් කැඳවීම කොහොමද කළේ”