Latestදේශීය

ජූලි 9 වැනිදා ජනාධිපති නිල නිවසේ තිබී හමු වූ බව කියන රුපියල් කෝටි 1.7ක මුදල අරගලකරුවන් විසින් ආරක්ෂිතව කොටුව පොලීසියට බාරදුන් පසුව එම මුදල් මුදල් අධිකරණයට ඉදිරිපත් කිරීම වළක්වා ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් බව අනාවරණය වේ.

එම මුදල, පොලිස්යට භාරදීමෙන් පසුව නෛතික ක්‍රමවේදය යටතේ අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතු වේ. නමුත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් කොටුව පොලිස් ස්ථානාධිපතිට නියෝගකර ඇත්තේ එකී මුදල අභ්‍යන්තර ආරක්ෂක විෂය භාර ඇමති ටිරාන් අලස්ට භාර දෙන ලෙසය. මෙම මුදල සම්බන්ධ කොටුව මහේස්ත්‍රාත් ඉදිරියේ විභාගයේදී මෙම කරුණු අනාවරණය විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය නිල නිවසින් පළා ගිය පසුව එහි තිබී මෙම මුදල අරගලකරුවන් විසින් සොයාගන්නා ලද අතර ආරක්ෂක අංශ සාමාජිකයන් ඉදිරියේ ගණන් කර පාර්සල් සකස්කර ඒ මුදල කොළඹ කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට භාර දෙන ලදී.
කෙසේවෙතත්, පසුගිය දින දක්වා මෙම මුදල අධිකරණය වෙත භාර නොදීම සම්බන්ධ කළ ප්‍රශ්න කිරීමෙන් පසුව කොම්පඤ්ඥ වීදිය පොලිස් ස්ථානාධිපතිවරයා විසින් එම මුදල අධිකරණය හමුවට භාර දී ඇත. මේ සම්බන්ධ විමර්ශනයක් කර අධිකරණයට වාර්තා කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් පොලිස්පතිවරයාට නියෝගයක් කළ අතර අද දින මෙම කරුණ සම්බන්ධයෙන් අධිකරණයේදී අනාවරණය වූයේ දේශබන්දු තෙන්නකෝන් විසින් සිය නිල බලය යොදා මෙම මුදල් අනීතික ලෙස අස්ථානගත කිරීමකට කටයුතු කර ඇති බවය.

එකී මුදල්, නෛතික ක්‍රමය යටතේ පොලිසිය විසින් අධිකරණය හමුවට භාර දිය යුතු වුවද දේශබන්දු විසින් නියෝග කර ඇත්තේ ටිරාන් අලස් වැනි දූෂන සම්බන්ධයෙන් චෝදනා ලැබූවකුට ලබාදීමටය. එසේම පොලිස් ස්ථානාධිපතිවරයකුට එසේ නියෝගකර ඇත්තේ ගාලුමුවදොර පිටියේ ප්‍රහාරයට වගකිව යුතු නියෝජ්‍ය පොලිස්පතිවරයකු වීමද අවධානයට ලක්වන කරුණකි.

Lanka Views

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *