දේශීය

අත්‍යාවශ්‍ය සේවා සඳහා ඉන්ධන කෝටාව වැඩි කරනවා – කාන්චන විජේසේකර

QR  ක්‍රමවේදය පිළිබඳව  අද(23) පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකට සහභාගි වෙමින්  බලශක්ති අමාත්‍යවරයා  සඳහන් කළේ ඉදිරියේ දී අත්‍යවශ්‍ය  සේවා සඳහා  ලබාදෙන  ඉන්ධන කෝටාව වැඩි කිරීමට බලාපොරොත්තු වන බවයි.

පසුගිය  සති 3ක කාලය  රථවාහන ලියාපදිංචිය  මෙන්ම  ඉන්ධන ලබාගත් සංඛ්‍යාවේ වැඩිවීමක් පෙන්නුම් කලද  ඉන්ධන භාවිතය අඩුවීමක්  නිරීක්ෂණය වූ  බවද  අමාත්‍ය කංචන විජේසේකර  පෙන්වා දෙනවා.

QR ක්‍රමවේදය තුළින් සිදුකිරීමට බලාපොරොත්තු වන වැඩිදියුණු කිරීම් සම්බන්ධයෙන් ද ඉදිරියේ දී අවධානය  යොමු කරන  බව අමාත්‍යවරයා  මෙහිදි  කියා සිටියා.

රථවාහන නොවන ඉන්ධන අවශ්‍යතා සහ සංචාරක  ඉන්ධන අවසර පත සැප්තැම්බර් පළමු  සතියේ  හඳුන්වාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *