Latestක්‍රීඩාදේශීය

කලකට පසු ධර්මරාජ ක්‍රීඩකයකුගෙන් සුපිරි ඉනිමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් පලාත් වයස අවුරුදු 17 පහළ ක්‍රිකට් තරගාවලියේදී මහනුවර ධර් මරාජ විදුහලේ පුලින පෙරේරා ප්‍රවේගකාරී ඉනිමක් දියත් කරමින් නුවර කණ්ඩායමට ලකුණු 350 හේ කඩඉම පසුකර යාමටත් පිටපිට වාර්තාකල දෙවන ජයග්‍රහණය වාර්තා කිරීමටත් අද දින ඉඩ සලසා දුන්නා.

දඹුල්ල කණ්ඩායමට එරෙහිව පුලින විසින් වාර්තා කරන ලද මෙම අර්ධ ශතකය ඔහු විසින් දින දෙකක් තුල වාර්තා කරනලද දෙවන අර්ධ ශතකයයි. පන්දු 33 කට පමණක් මුහුණ දෙමින් ඔහු විසින් රැස්කරනලද ලකුණු 82ක සඳහා හයේ පහර නමයක් සහ හතරේ පහර හයක් ඇතුලත් වුණා. පසුගිය වසර කිහිපය තුලම ධර් මරාජ ක්‍රීඩකයකු විසින් පලාත් තරගාවලියක මෙවන් දස්කමක් දක්වනු නොලැබු අතර  පුලින පෙරේරාගේ මෙම දක්ෂතාවය ඔහුගේ පාසල තුල ක්‍රිකට් ක්‍රීඩාවේ යලි පිබිදීමක් ඇතිකිරීමට ඉවහල් වනු ඇති.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *