තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ ධූරය අත්හිටුවයි
තායිලන්ත අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළ ප්‍රයුත් චාන් ඕ චා ගේ ධුර කාලය අගෝස්තු 23 සිට අවසන් වී ඇති නිසා එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් ඔහුගේ ධූර කාලය අත්හිටවීමට නියෝග කර ඇත.
අග්‍රාමාත්‍යවරයා ගේ ධුර කාලය පිළිබඳව විපක්ෂයෙන් ඉදිරිපත් වූ පෙත්සමක් විභාග කරමින් අධිකරණය විසින් අද දිනයේ මෙම තීරණය ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ විනිසුරුවන් 54ක ගේ ඡන්දය විමසීමෙන් අනතුරුව මෙම තීරණය ප‍්‍රකාශ කර ඇති අතර ඒ අනුව හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ධූර කාලය අත්හිටවීමත් එරට භාරකාර අගමැති ලෙස ප්‍රවිත් වොන්ග්සුවන් පත් කරගැනීමත් සිදුකර ඇත.
ශ‍්‍රී ලංකාවේ ජනාධිපති සිය ධූරයෙන් නිළ වශයෙන් ඉල්ලා අස්වීමට පෙර මෙරටින් පිටවූ අතර ඔහු මේ වන විට රැුදී සිටින්නේ ද තායිලන්තයේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

