රන්ජන් රාමනායකට නිදහස?
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවන්ට වරදකරුව වී සිර දඬුවම් නියමව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා අධිකරණයෙන් සමාව ඉල්ලා තිබේ.
දිවරුම් ප‍්‍රකාශයක් යොමු කරමින් ඔහු සදහන් කර ඇත්තේ තමන් විසින් සිදුකරන ලද ප්‍රකාශ සම්පූර්ණයෙන් වැරදි බවත් ඉන් නීති ක්ෂේත්‍රයේ සියලු දෙනාට අගෞරවයක් ඇතිවීම ගැන සමාව ඉල්ලා සිටින බවත්ය.
තමන් සිදු කල එම ප්‍රකාශ අසත්‍ය බවත් එම ප්‍රකාශ ඉල්ලා අස්කර ගන්නා බවටත් පවසන ඔහු ඉදිරියේදී එවන් ප්‍රකාශ සිදු නොකරන බවත් සදහන් කර ඇත.
මේ අතර අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ රංජන් රාමනායක මහතා හෙට හෝ සදුදා දින නිදහස ලබනු ඇතැයි තමන් දැඩි සේ විශ්වාස කරන බවයි
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

