Latestදේශීය

ගෝඨාභය පාර්ලිමේන්තුවට ?

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී මෙම යෝජනාව ඉදිරිපත් වී ඇති අතර එම යෝජනාවට පක්ෂව සහ විපක්ෂව පක්ෂ සාමාජික මන්ත්‍රිවරුන් අදහස් දක්වා තිබෙනවා.
කෙසේවෙතත් මේ වන තෙක් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බවයි පොදුජන පෙරමුණ පක්ෂයේ සාමාජිකයෙකු පැවසුවේ.
පසුගිය ජූලි 09 වනදා රට තුළ පැවති අරගලය හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉවත් නොවී රටින් පිටවූ අතර අනතුරුව සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කරනු ලැබුවා.
ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට තායිලන්තයේ රැදී සිටිනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *