රූපවාහිනී සේවකයින් විරෝධතාවයේ
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවෙි සේවකයින් ඇතුළු සංස්ථාව නියෝජනය කරන සියලුම වෘත්තීය සමිති නායකයින් එක්ව විරෝධතාවයක් සංවිධානය කර තිබෙනවා.
ඒ මෙම මාසයට (අගෝස්තු ) වැටුප තවමත් ලබා නොදීමහේතුවෙන්. එහි සේවකයෝ මේ වන විට සංස්ථා ආලින්දයට රැස්වී විරෝධතාවේ නිරත වන බවයි දැනගන්නට ලැබෙන්නේ.
සංස්ථාවේ පාලනාධිකරියේ කිසිවෙකුට වරප්‍රසාද කප්පාදු නොකර සාමාන්‍ය සේවකයින්ගෙන් වැටුප පමණක් කප්පාදු කිරීමට පාලනාධිකාරිය පියවර ගනිමින් සිටින බවත් සෑම මසකටම අදාල වේතනය ලබාගැනීමට මෙසේ විරෝධතාවයේ නිරත වීමට සිදුවන බවත් ඔවුන් පෙන්වා දෙනවා.
නියමිත පඩිය ලබාදෙන තෙක් අඛන්ඩව විරෝධතාවයේ නිරත වීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වෘත්තීය සමිති නියෝජතයින් පවසන්නේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

