Latestදේශීය

විසර්ජන පනතින් වැඩිම පංගුව රනිල්ට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් ඇමති ලෙස ඉදිරිපත් කර අතුරු අයවැයෙහි විසර්ජන පනත් කෙටුම්පත මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර එහි වැඩිම මුදල් ප්‍රතිශතයක් වෙන්කරගෙන ඇත්තේ ජනාධිපති, මුදල් ඇමති සහ ආරක්ෂක ඇමති ලෙස තමන්ගේ ධුරය සඳහාය.

ඒ අනුව සමස්ත අයවැයෙන් 25.75%ක් වෙන් කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ පවතින අමාත්‍යාංශ වෙනුවෙනි. ඒ මුදල් හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයට රුපියල් බිලියන 467.21ක මුදලක් සහ ආරක්ෂක අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 376.33ක් මුදලක් වශයෙනි.

මේ අතර ජනාධිපතිවරයාගේ වැය ශිර්ශය වෙනුවෙන් තවත් රුපියල් බිලියන 3.39ක් වෙන් කර ඇත. එම වැය ශිර්ෂ තුනෙහිම එකතුව රුපියල් බිලියන 846.93කි. එය 25.81%ක ප්‍රතිශතයකි.

මීට අමතරව තනි අමාත්‍යාංශයක් ලෙස ගත් විට වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයටය. එම මුදල රුපියල් බිලියන 734.67කි. එය 22.43%ක ප්‍රතිශතයකි.

Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *