Latestදේශීය

අද පෞද්ගලික බස් ධාවනය අඩකින් අඩු වෙයි

දින කිහිපයක සිට ඩීසල් නිසි පරිදි නොලැබීම හේතුවෙන් අද දිනයේ පෞද්ගලික බස් ධාවනය අඩකින් අඩු කිරීමට සිදුවූ බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

මේ සඳහා රජයේ කඩිනම් වැඩපිළිවෙළක් බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ තම බස් රථ සේවා ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි.

නියමිත කාල සටහන් වලට අනුව දුම්රිය ධාවන කටයුතු ද සිදු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *