Latestදේශීය

ඊයේ රාත්‍රියේ තවත් ඔටෝ ඩීසල් නෞකාවක් දිවයිනට පැමිණෙයි

ඊයේ(25) රාත්‍රියේ දිවයිනට පැමිණි ඔටෝ ඩීසල් නෞකාවේ ඉන්ධන තොග ගොඩබෑම අද(26) සිදු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා twitter පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ගෙවීම් ප්‍රමාදයක් නිසා ගොඩබෑම ප්‍රමාද වූ සුපිරි ඩීසල් නෞකාව සඳහා ද මුදල් ගෙවි‍මෙන් පසු තොග ගොඩබෑම ආරම්භ කළ බවත් ඒ මහතා සඳහන් කර සිටියා.

බලශක්ති අමාත්‍යවරයා පවසන්නේ දැනට පවතින ඉන්ධන තොග අනුව ඩීසල් සහ පෙට්‍රල් යම් අනුපාතයකට නිකුත් කරමින් ඉන්ධන බෙදා හැරීම් කටයුතු සාමාන්‍ය තත්වයට පත්කිරීම සඳහා ඛනිජ තෙල් සංස්ථාව අඛණ්ඩව කටයුතු කරමින් සිටින බවයි.

ඉන්ධන නොමැතිකම හේතුවෙන් ඊයේ දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකම ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන නිකුත් කිරීමක් සිදු නොවූ අතර ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් නැවතත් දක්නට ලැබුණා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *