Latestදේශීය

ධීවරයින් සඳහා භූමිතෙල් සහනාධාරයක් ලබාදීම කෙරෙහි අවධානය

භූමිතෙල් මිල අධික ලෙස ඉහළ යාමත් සමග ධීවරයෝ දැඩි අපහසුතාවයට පත්ව ඇති අතර. භූමිතෙල් සඳහා සහනයක් ඉල්ලා හලාවත ධීවර ජනතාව මේවනවිට විරෝධතාය ආරම්භ කර තිබෙනවා.

ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු කරුණාරත්න මහත්මිය සඳහන් කළේ භුමිතෙල් මිල ඉහළ යාමෙන් පීඩා විඳින ධීවරයින්ට කඩිනමින් සහනයක් ලබාදීමට පියවර ගැනීමට කටයුතු කරන බවයි.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සදුදා දින විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ධීවර අමාත්‍යාංශය , ජනාධිපති කාර්යාලය හා මුදල් අමාත්‍යංශය යන ආයනතවල නිලධාරින්ගේ සහභාගිත්වයෙන්.

ධීවරයින් සඳහා අවශ්‍ය භූමි තෙල් හා ඩීසල් බෙදා හැරීම මේ වනවිට ක්‍රමවත්ව සිදු කෙරෙන බවද ලේකම්වරිය තවදුරටත් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් මේ වනවිට වෙළෙඳපොළ මාළු මිල වැඩි වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *