Latestදේශීය

තවදුරටත් සහල් මිල වැඩිවන ලකුණූ

රජයේ පාලන මිලට අනුව දැනට සහල් අලෙවි කලද ඉදිරියේදී වී මිල අනුව සහල් මිල තීරණය වන බව  මහා පරිමාණ සහල් මෝල් හිමියන් පවසනවා.

සැප්තැම්බර් මාසයේ සිට සහල් කිලෝවක මිල රුපියල් 290 ක් දක්වා ඉහළ දැමීමට සිදුවනු ඇතැයි ද ඔවුන් පවසනවා.

ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ යල කන්නයේ දී තමන්ට වී කිලෝවක් මිලදී ගනීමට ලබුණේ  රුපියල් 140-150ත් අතර මිලකට බවයි.

ඊට අමතරව විදුලි ගාස්තු , ප්‍රවාහන ගාස්තු ඉහළ යෑම ඇතුළු සෙසු කාරණා ද මෙම මිල වැඩි කිරීමට සෘජුවම බලපාන බවද ඔවුන් පෙන්වා දෙනවා.

වී අලෙවි මණ්ඩලය විසින් යල කන්නයේ අස්වනු වලට වැඩි මිලක් ගෙවීම හේතුවෙන් තමන්ටද මිල වැඩි කිරීමට සිදුව ඇති බවත් මෝල් හිමියන් සඳහන් කරනවා.

ඒ අනුව සැප්තැම්බර් 18 වැනිදා න් පසු  වී මිල අනුව සහල් මිල තීරණය වන බව මෝල් හිමියන් තව දුරටත් කියා සිටිනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *