Latestදේශීය

හිඟයකින් තොරව ඩීසල් හා පෙට්‍රල් බෙදා හැරීමට පියවර

දිවයින පුරා කිසිදු හිඟයකින් තොරව ඩීසල් හා පෙට්‍රල් බෙදා හැරීමට පියවර ගෙන ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එම සංස්ථාව සඳහන් කළේ, ඉන්ධන බෙදාහැරීම සීමා කිරීමට  කටයුතු කර නොමැති අතර දිවයින පුරා දෛනිකව පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3000 ක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 4000 ක් බෙදා හැරීමට කටයුතු කරමින් සිටින බව ද සංස්ථාව සඳහන් කරනවා.

එමෙන්ම ඩීසල් මෙට්‍රික් ටොන් 30,000 ක් ගොඩබෑම මේ වනවිට අවසාන අදියරේ පවතින බව ද තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 37,300 ක් ගොඩබැමේ කටයුතු අද(27) පස්වරුව වනවිට ආරම්භ කරන බව ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියාසිටියා.

නමුත් ඇණවුම් කල ඉන්ධන නොලැබීම හේතුවෙන් ඇතැම් පිරවුම්හල් මේ වනවිට වසා දමා ඇති බවයි සමස්ත ලංකා ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා සඳහන් කළේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *