Latestදේශීය

IMF නියෝජතයින් සහ ජනාධිපති අතර සාකච්ඡා

ශ්‍රී ලංකාවේ මූල්‍ය අර්බුදයට විසඳුම් සෙවීමේ අරමුණින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ(IMF) නියෝජිතයින් සහ මෙරට ඉහළ පෙළේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් ලබන බදාදා පැවැත්වීමට නියමිතව ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර Zoom තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක් ද ඊයේ(26) පැවැත්වුණා.

විදුලි බල සංශෝධනය, සුරාබදු පනත ඇතුළු භාණ්ඩාගාරය ආශ්‍රයෙන් මෙම සාකච්ඡා සඳහා අවශ්‍ය අතිරේක තොරතුරු ලබා දෙන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ඉල්ලීමක් කර ඇති අතර අදාළ තොරතුරු ලබන සඳුදා ලබා දීමට මෙරට නියෝජතයින් එකඟතාව පල කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය උපදේශකවරු සහ නීති උපදේශකවරු මෙම සාකච්ඡාවට එක්ව තිබෙන අතර මෙහි තවත් සාකච්ඡා වටයක් ලබන බදාදා(31) දින පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පසුගිය 24 වැනිදා ද හමුවී සාකච්ඡා පවත්වා ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *