Latestදේශීය

ජල බිල්පත් නොගෙවා පැහැර හරින මන්ත්‍රී නිල නිවාසවල ජල සැපයුම විසන්ධි කිරීමට පියවර

ජල බිල්පත් ගෙවීම පැහැර හරින රාජ්‍ය ආයතනවලින්, 2.5% ප්‍රමාද ගාස්තුවක් අය කිරීමට ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මාස තුනකට අධික කාලයක් ගෙවීම් ප්‍රමාද වූ බිලපත් සඳහා එම ප්‍රමාද ගාස්තුව ගෙවීමට සිදුවන බවයි එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පද්මනාත මහතා පැවසුවේ.

මෙතෙක් ජල බිල්පත ගෙවිම් පැහැර හරින රාජ්‍ය ආයතන වලින් ප්‍රමාද ගාස්තුවක් අය නොකළ බවද ඒ මහතා පැවසුවා.

ඉදිරියේදී මාස දෙකකට වඩා වැඩි කාලයක් ජල බිල්පත් නොගෙවා පැහැර හරින මන්ත්‍රී නිල නිවාසවල ජල සැපයුම විසන්ධි කිරීමට එකඟතාවය ඇතිකර ගැනීමට ද තමන් බලාපොරොත්තු වන බව පියල් පද්මනාත මහතා තවදුරටත් කියාසිටියා.

මෙතෙක් ජල බිල්පත් ගෙවීම පැහැර හැර ඇති මන්ත්‍රිවරුන්ගෙන් එම හිඟ මුදල් අය කර ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා, කතානායකවරයා වෙත ලිඛිතව දැනුම්දී ඇති බවද ඒ මහතා සඳහන් කළා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *