Latestදේශීය

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම කල් යන්නේ නම් ඉක්මනින් රාජ්‍ය අමාත්‍යධුර පත්කරන්න: පොදු ජන පෙරමුණ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලකා පොදුජන පෙරමුණේ හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් අතර පසුගිය දා  සාකච්ඡාවක් පවැත්වූ අතර එහිදී  අමාත්‍ය කණ්ඩායම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම තවදුරටත් කල් යන්නේ නම් ඉක්මනින් රාජ්‍ය අමාත්‍යධුර පත්කරන ලෙසයි.

එම පක්ෂයේ ප්‍රධාන ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා සඳහන් කරන්නේ පක්ෂයේ අනුමැතිය යටතේ මෙම රාජ්‍ය ඇමති පිරිස සහ ජනාධිපති අතර හමුව සිදුවූ බවයි. මේ අතර ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ පාර් ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් හෙට(29) පස්වරු5.00ට පැවැත්වීමට නියමිතව ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *