සුපර් ලීග් වොලිබෝල් තරගාවලියේ වටිනාම ක්රීඩක ක්රීඩිකා සම්මාන මහේලට සහ අනූෂාට
ශ්රී ලංකා ගුවන් හමුදා වොලිබෝල් කණ්ඩායම් වල අනූෂා අබේසිංහ සහ මහේල ඉන්දීවර ඊයේ පැවති සුපර් ලීග් වොලිබෝල් තරගාවලියේ පිළිවෙලින් කාන්තා සහ පිරිමි අංශ වල වටිනාම ක්රීඩකයින්ට හිමි සම්මාන දිනා ගැනීමට සමත්වුණා.
ගුවන් හමුදා වොලිබෝල් කණ්ඩායම සිය ප්රතිවාදීන් වූ ලංකා විදුලිබල මණ්ඩලය 3-0 ලෙස පරාජය කරමින් පිරිමි ශූරතාවය දිනාගත් අතර එම ජයග්රහණය වෙනුවෙන් මහේල ඉන්දීවර ඉහළ දායකත්වයක් සැපයුවා. එලෙසම අනූෂා අබේසිංහට මෙම ඇගයීම හිමිවුනේ කාන්තා තරගාවලිය ජයග්රහණය වෙනුවෙන් ගුවන් හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායමෙහි ඇය දැක්වූ ඉහළ දක්ෂතාවය වෙනුවෙන්.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

