ගයන්ජලීගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම ආසියානු කුසලානයට
ගයන්ජලී අමරවංශගේ නයකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම සැප්තැම්බර් මස 3 දින සිට 11දින දක්වා සිංගප්පූරුවේ දී පැවැත්වීමට නියමිත 2022 ආසියානු නෙට්බෝල් ශූරතාවලිය සදහා සහභාගී වීමට නියමිතයි.
පහලොස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමේ උප නායකත්වය දුලංගි වන්නිතිලක විසින් දරණූ ඇති. කණ්ඩායමේ සෙසු නිත්‍ය ක්‍රීඩිකාවන් වන්නේ: තර්ජනී සිවලිංගම්, සේමිනී අල්විස්, හසිතා මෙන්ඩිස්, එම්.ඒ.ඉදුෂා ජනනි පෙරේරා, රෂ්මි දිව්‍යාංජලී පෙරේරා, බාෂිනී ද සිල්වා, චතුරංගි ජයසූරිය, මල්මි හෙට්ටිආරච්චි, ගයානි දිසානායක සහ දීපිකා දර්ශනී අබේකෝන්. අතිරේක ක්‍රීඩිකාවන් ලෙස තිසලා අල්ගම සහ ලක්මාලි බණ්ඩාර කටයුතු කරන අතර අනෙකුත් අමතර ක්‍රීඩිකාව ලෙස තෝරා ගෙන සිටි තිළිණි වත්තේගෙදර තරගාවලිය සදහා සහභාගී නොවන බව ලිඛිතව දැනුම් දී ඇති බව ක්‍රීඩා අමත්‍යාංශය දන්වා සිටිනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

