ලකුණු 553 ක් රැස්කළ දනිදුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ක්‍රිකට් උපකරණ
පසුගියදා පැවති වයස අවුරුදු 15න් පහළ පාසල් ක්‍රිකට් තරගයකදී ලකුණු 553ක් රැස්කළ අනුරාධපුර ශාන්ත ජෝශප් විද්‍යාලයේ ක්‍රීඩක දනිදු සෙල්ලප්පෙරුමගේ දක්ෂතාවය අගයමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් “ක්‍රිකට් උපකරණ” පිරිනැමීමක් සිදුකළා.
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය මෙහෙයවනු ලබන අවුරුදු 15න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ III කොටස, බී කාණ්ඩය යටතේ පැවති මෙම තරගයේදී සෙල්ලප්පෙරුම ලකුණු 553ක් රැස්කරමින් දස්කම් දැක්වුවා. ඔහුගේ පාසල් කණ්ඩායම් නායක පාමුල ලොකුලියන සහ පාසල් පුහුණුකරු අතුල රෝහණ යන මහත්වරුන් ඉදිරියේදී ප්‍රධානය කෙරුනු මෙම ක්‍රිකට් උපකරණ කට්ටලයට පිති 3ක්, පිතිකරණ පෑඩ් 3ක්, පිති අත්වැසුම් 3ක්, කඩුලු රකින අත්වැසුමක් සහ පෑඩ් එකක්, කලවා ආරක්ෂක 03ක්, හිස්වැසුම් 02ක් සහ ක්‍රිකට් බෑගයක් ඇතුළත් වුණා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

