තිරිඟු පිටි මිල ඉහළයාම නිසා බේකරි හිමියන් දැඩි අපහසුතාවයට
වෙළෙඳපොළේ තිරිඟු පිටි මිල ඉහළ යාමත් සමග බේකරි හිමියන් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා. මේ වනවිට වෙළෙඳපොළේ තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල පවතින්නේ රුපියල් 350 ක් ලෙසයි.
මීට පෙර තිරිඟු පිටි කිලෝග්‍රෑමයක අලෙවි මිල පැවතියේ රුපියල් 84 කට පමණ.
සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසුවේ තොග වෙළෙඳපොළේ තිරිඟු පිටි කිලෝග්‍රෑම් 50 ක් මේ වනවිට රුපියල් 17,000 ඉක්මවා අලෙවි කෙරෙන බවයි
මෙසේ අධික ලෙස මිල ඉහළ යාම ,වෙළඳපොළේ පවතින තිරිඟු පිටි හිඟය සහ ප්‍රවාහන ගාස්තු වැඩිවීම හේතුවෙන් මේ වනවිට දිවයින පුරා බේකරි 2,000කට අධික සංඛ්‍යාවක් වැසීගොස් ඇති බවයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසුවේ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

