Latestදේශීය

ජංගම දුරකථන බැටරි සහ උපාංග ආනයනය තහනම් කෙරේ

ජංගම දුරකථන බැටරි සහ උපාංග ආනයනය තහනම් කිරීමට ගත් තීරණය තුළ ඉදිරියේදී ගැටළු රාශියකට මුහුණපෑමට සිදුවන බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයනකරුවන්ගේ හා විකුණුම්කරුවන්ගේ සංගමයේ සභාපති සමිත් සෙනරත් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියාසිටියා.

ඒ මහතා කියාසිටින්නේ මෙම උපාංග ආනයනය තහනම් කිරීමට ගත් තීරණය නිසා රට තුළ ඒවායෙහි විශාල හිඟයක් මෙන්ම කළු කඩ මිලක් ද ඇති විය හැකි බවයි.

විශේෂයෙන් ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය නොවන  ජංගම දුරකථන බැටරි  වනි දේ ආනයන තහනම් කරන විට මීට වඩා බලධාරීන් සැලකිලිමත්විය යුතු බව ද ඔහු පැවසුවා. රට තුල උද්ගතව ඇති  තත්ත්වය සමඟ ආනයන ප්‍රතිපත්ති ඇති කිරීමට එකඟතාවය ලබා ගත්තද රට තුළ එම අවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය නොවන තත්ත්වයක මෙවැනි උපාංග සඳහා වගකීමකින් තොරව තහනම් පැනවීම පිළිගත නොහැකි බවයි සෙනරත් මහතා පෙන්වා දෙන්නේ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *