Latestදේශීය

අන්තරේ විරෝධයට අදත් පොලීසියෙන් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන ඒකාබද්ධ විරෝධතා පාගමනක් අද දින(30) සංවිධානය කරතිබුණා

ඒ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යොදා ගනිමින් සිදුකරන මර්ධන ක්‍රියා නවත්වන ලෙස හා අත්අඩංගුවට ගත් අරගලයේ ක්‍රියාකාරීන් නිදගස් කරන ලෙස ආණ්ඩුවට බල කරමින්. පස්වරු 2.00ට පමණ  මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසලින් ආරම්භ වූ විරෝධතා පාගමන ටෙක්නිකල් මංසංධිය දක්වා  පැමිණිමේදී පොලිසිය විසින් බාධක යොදාගනිමින් විරෝධතාවයේ නිරත පිරිසට බාධා එල්ල කළා.

( ටෙක්නිකල් හන්දියේ දී පොලීසිය විරෝධතාකරුවන්ට පහරදීමට සූදානමින්)

මෙම බාධා එල්ලවීමත් සමග  ඔවුන් තම ගමන් මග වෙනස් කරමින් විරෝධතා පාගමන නැවතත් මරදාන ටවුන් හෝල් දක්වා ගමන් කරන අතරතුර සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී නැවතත් පොලිස් මාර් ග බාධක යොදාගනිමින් විරෝධතා පාගමනට බාධා එල්ල කළා එහිදී විරෝධතාකරුවන්  මාර් ගයේ බිම වාඩි වී සාමකාමීව තම විරෝධය පල කරමින්  සිටින අවස්ථාවේ පොලීසිය , ජල ප්‍රහාර හා කඳුළු ගෑස් යොදා ගනිමින්  විරෝධතා රැලියට ප්‍රහාර එල්ල කළා. මෙම පහරදීම් අතරතුර විරෝධතාවයේ නිරතවූ කාන්තාවන් ඇතුළු ක්‍රියාකාරී අරගලකරුවන් 25 දෙනෙකු පමණ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *