ඉදිරි දිනවල ඉන්ධන ආනයනය පිළිබඳව සැලසුම් කෙරේ
සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලට අදාළ ඉන්ධන තොග ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරුවේ පැවැත්විය.
මෙම සාකච්ඡාවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වාණිජ සහ මූල්‍ය කළමනාකරණ නිලධාරීන් ද එක්වූ බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරනවා.
සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලට අදාළ ලංකාවේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන සහ බොරතෙල් අවශ්‍යතා, ප්‍රවාහන සැලසුම්, ඉන්ධන තොග ලබාගැනීම සඳහා වන මූල්‍ය පහසුකම් පිළිබඳව හා ගෙවීම් සිදුකළ යුතු කාල වකවානුව පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

